ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට අලුත්ම තීරණයක්..!

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Harin Fernando International Cricket Council
By Sewvandhi Dec 12, 2023 11:38 AM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,  හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කර තිබේ.

අතුරු කමිටුවක් පත් කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට තමන් අත්සන් තැබූ බවයි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමේ අරමුණ සහිතව තමන් මෙම තීරණය ගත් බවයි.

මේ අතර අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බවය.

එසේම එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණයන් සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.