පොලී අනුපාතය වාර්තාගත ලෙස පහළ බසී..එකවරම සිදු වූ දේ..

Central Bank of Sri Lanka Sri Lanka Politician Government Of Sri Lanka Economy of Sri Lanka
By Aruna a year ago
Report

මෙම සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතිකය අඛණ්ඩව තුන්වන සතියටත් සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බෙන බව වාර්තා වනවා.

පොලී අනුපාතික පහත වැටීමට හේතුව වී ඇත්තේ, ලැබුණු මුළු ලංසු ප්‍රමාණය පිරිනමන මුදලට වඩා 2.58 ගුණයකින් ඉක්මවීම නිසා අධික ඉල්ලුමක් පැවතීම බවයි වාර්තා වන්නේ.

දින 91ක බිල්පත් සියයට 10.96 දක්වා පහත වැටුණු අතර දින 182ක බිල්පත් සියයට 11.07 දක්වා සහ දින 364ක බිල්පත් සියයට 10.73 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්.

මාස තුනක සහ වසරක බිල්පත්වල සාමාන්‍යයෙන් 2022 මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට සියයට 11.00ට වඩා අඩුවෙන් වාර්තා වූ අතර එය වසර දෙකක අඩුම අගයක් බවටයි පැවසෙන්නේ.

ඉදිරිපත් කළ මුළු වටිනාකම රුපියල් බිලියන 145.00ක් වෙන්දේසියේ පළමු අදියරේදී රැස් කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.