තැන්පතු පොලිය සහ ණය පොලිය එකවරම පහළ යයි..මහ බැංකුවෙන් දැනුම්දීමක්..
Central Bank of Sri Lanka
The Bank of Ceylon
Sri Lanka Politician
Sri Lanka
People's Bank
By Aruna
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර පෙරේදා දිනයේ පැවති බැඳුම්කර වෙන්දේසියේ දී බැඳුම්කර සඳහා වන පොලිය විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
එක් දිනක් තුල විශාල ප්‍රමාණයකින් බැඳුම්කර වල පොලී අනුපාත 10-12%ක් තරම් විශාල ලෙස පහල ගොස් අනුපාත දැක්වූයේ 15% අවට සීමාවේය.
පසුගිය සතියේ 28% ඉක්මවූ බැඳුම්කර පොලි අනුපාතය ඊයේ දිනයේ දී දැක්වුණේ 14-15% මට්ටමක අගයකයි.
ඒ අනුව නුදුරේදීම භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු තැන්පතු සඳහාද පොලී අනුපාත ණය පොලී අනුපාත මේ හා සාපේක්ෂ විශාල වශයෙන් පහළ යෑමට නියමිතව බවයි වාර්තා වන්නේ.