ජාතික සුපිළිපන් සතිය අදින් නිමාවට - දූෂණයෙන් තොර රාජ්‍ය සේවයකට අලුත් අඩිතාලමක්

Government Of Sri Lanka Latest Headlines Clean Sri lanka Sinhala news QR Code
By R.rishma Jul 31, 2026 03:55 AM GMT
Report

“සුපිලිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිලිපන් සතිය ඉකුත් 27 වන දින ආරම්භ වූ අතර එය අද (31) දිනය දක්වා ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද (31) “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික සුපිළිපන් සතියේ අවසන් දිනයයි.

එසේම අද දිනය “පාරිසරික, සම්පත් කළමනාකරණ, ග්‍රාමීය සහ ප්‍රජා සවිබලගැන්වීමේ සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම” වෙනුවෙන් සැලසුම් කර ඇත.මෙම වැඩසටහන ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. 

එසේම මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රධාන අරමුණ නම්, මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශවත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීමයි.

එහිදී ‘සුපිලිපන්භාවය’ යන්නෙන් අදහස් කරන්නේ තමා විසින්ම ස්වයං විනයකින් , ස්වයං පාලනයකින්, හා ස්වයං අධීක්ෂණයකින් යුතුව හෘද සාක්ෂියට එකඟව නිවැරදි , විනිවිදභාවයකින් යුතු සහ සදාචාරාත්මකව තම සේවය ඉටු කිරිමයි. 

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” මඟින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි භාරගනු ලබ‍යි.

ඒ අනුව මහජනතාවට QR කේත, විද්‍යුත් තැපෑල (Email), ලිපි, දුරකථන ඇමතුම් හෝ වෙබ් පණිවිඩ හරහා තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් විශේෂ ඩිජිටල් පද්ධතියක් ද ක්‍රියාත්මක බව වාර්තා වේ.

එසේම අදින් (31) පසු, දෙසැම්බර් 31 වැනි දින තෙක් මෙම වැඩසටහන සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.