ස්වාභාවික උවදුරු වලට ස්වභාවික පිළියම්.
වගාවන් කරන්න පටන් ගත්තා වගේ නෙවෙයි, ඒවා කෘමි උවදුරෙන් බේරගන්න එක ලේසි නැහැ. කෘමි උවදුරු මැඩපවත්වන්න ගොඩක් අය ලේසියටත් පහසුවටයි යොදාගන්නේ රසායනික මර්ධකයන්. ඉතින් ඒවා නිසා කෘමින් විතරක් නෙවෙයි ඒ වගාවන්ගේ පලදාවන් කාලා අපිත් ලෙඩ වෙනවා. අන්න ඒ නිසා මේ කියන්න යන්නේ ස්වාභාවික උවදුරු වලට කරන පුළුවන් ස්වභාවික පිළියම් ගැනයි.
දියමන්ති සලකුණ ඇති සලබයා සහ රතු කපු මකුණා මැඩීමට
🍃 පැපොල් කොළ අඹරා ජලයේ ගිල්වා තබා ගන්න දවස් දෙක තුනක්. පසුව එම මිශ්‍රණය භාවිතා කරන්න පුළුවන්.
දිලීර රෝග පාලනය සඳහා
🍃 කොච්චි 25g ක් පමණ අඹරා එය වතුර ලීටර් 10ක් සමඟ මිශ්‍ර කරන්න. පසුව එය පැය 24ක් පල් කර භාවිතයට ගන්න. දිනපතා වුණත් භාවිතා කරන්න පුළුවන්.
කොළ පත්‍ර කීඩෑවන්, කළු බෝංචි කූඩිත්තා, දුඹුරු පැල කීඩෑවන් සහ දියමන්ති සලකුණ ඇති සලබයා
🍃 දාස් පෙතියා මල් අඹරා යුෂ මේස හැඳි 2 -3ක් ජලය ලීටර් 1ක දියකර ඉසින්න.
කෘමි විකර්ෂණය
🍃 තක්කාලි දඬු කඳාන පත්‍ර හා ශාක කොටස් සිහින්ව කපා පොඩිකර එයට සමාන ජලය එකතු කර මද ගින්නේ රත්කර පෙරා වගාවන්ට ඉසින්න.
🍃 රස කිඳ වැල් යුෂ මේස හැඳි 15 - 20ක්, ජලය ලීටර් 5ක දියකර ඉසින්න.
🍃 අරලිය මල් කුඩාවට කපා ඒවා ජලයට එක්කර දින දෙකක් පල් කර භාවිතය ගන්න.
🍃 සුදුළූණු පොතු සියුම් කැබලි කර තෙල් තේ හැඳි දෙකක දිනක් ගිල්වා තබා සබන් වතුර ලීටර් භාගයක් මිශ්‍ර කර පෙරන්න. නැවත ජලය ලීටර් 20ක් එකතු කර වගාවන්ට ඉසින්න.
🍃 දුම්කොළ නැටි, කඳ හෝ දුම්කොළ පල් කිරීමෙන් ලබා ගන්නා යුෂ, ඒ වගේම දුම්කොළ කුඩු හැඳි හතරක් පමණ නටන තුරු l ලීටර් එකකට එකතු කර හොඳින් කවලම් කර එම ද්‍රාවණය දෙගුණයකින් සැර බාල කර වගාවන්ට යොදන්නත් පුළුවන්.
කූඩිත්තන්, සුදු මැස්සන්
🍃 අනෝදා කොළ ග්‍රෑම් 500 ක ට ජලය ලීටර් දෙකක් එකතු කර ළිපේ තබා රත් කරන්න. එය ලීටර් භාගයක් දක්වා හින්දෙන්නට හැර තබා පෙරා ගන්න. පසුව එම ද්‍රාවණයට තව ජලය ලීටර් 10 -12ක් එකතු කර ඉසින්න.
කුහුඹුවන්, කොරපොතු කෘමින්, මයිටාවන් සහ පැළ මැක්කන්
🍃 මැටි භාජනයකට ජලය ලීටර් 1ක් දමා හොඳින් උණු කරන්න. පොඩි කර ගත් රතු ළූණු කිලෝ ග්‍රෑම් 1ක් දමා රෙදි කඩකින් ගැටගසා පැය 24ක් තබා පෙරා එයට ජලය ලීටර් 10ක් මිශ්‍රකර ඉසින්න.
යුෂ උරා බොන මකුණා, පැල සහ කොළ කීඩෑවන්, කොළ කන පණුවන්
🍃 අනෝදා ඇට ග්‍රෑම් 70 කොටා අඹරා ජලය ලීටර් 1ක් දියකර පෙරා ගත් දියර ඉසින්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |