කොළඹ දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ [VIDEO]

Fire Latest Headlines Inland Revenue Department Sinhala news Puwath.lk
By R.rishma Nov 19, 2026 11:22 AM GMT
Report

කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද (19) පස්වරුවේ සුළු ගිනිගැනීමක් හටගෙන තිබේ.

ගොඩනැගිල්ලේ බිම් මහලේ මධ්‍යම වායුසමීකරණ පද්ධතියේ ඇති වූ හදිසි ගිනිගැනීමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොදවා තිබූ අතර, ගිනි නිවන භටයන්ගේ මැදිහත්වීමෙන් මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.

ගින්න පැතිර යාමත් සමඟ දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීම සඳහා පැමිණ සිටි ජනතාවට ආරක්ෂිත පියවරක් ලෙස ගොඩනැගිල්ලෙන් පිටත රැඳී සිටීමට සිදුව ඇති බව ද වාර්තා විය.

කෙසේ වෙතත්, මෙම ගිනිගැනීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නොමැති බව සඳහන් වේ.

ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බැවින් දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.