භාණ්ඩ වර්ග 04න මිල අද සිට පහත බසී..නව මිල ගණන් මෙන්න..

Sri Lanka Lanka Sathosa Businessman
By Aruna Feb 02, 2023 01:01 AM GMT
Report

භාණ්ඩ වර්ග 04 ක මිල අද සිට තවදුරටත් පහළ දමන බව ලංකා සතොස පවසනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 25 කින් පහළ දමන බවයි ලංකා සතොස පැවසුවේ. එහි නව මිල රුපියල් 1,675 ක් වනවා.

ලොකු ලූණු කිලෝ ග්‍රෑමයක් පහළ දමනු ලබන්නේ රුපියල් 15 කින්.

ඒ අනුව ලොකු ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 165 ක මිලකට පාරිභෝගිකයින්ට අද සිට මිලදී ගත හැකි වනවා.

දේශීය රතු කැකුළු කිලෝග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 169 ක්.

ඒ, එම සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 10 කින් පහළ දැමීම හේතුවෙන්.

පාන්පිටි කිලෝවක්ද රුපියල් 5 කින් පහළ දැමෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 230 ක් බවයි ලංකා සතොස වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now