අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල එකවරම අඩු වෙයි..නව මිල ගණන් මෙන්න..
Business Mobile
Sri Lanka
Businessman
By Aruna
පරිප්පු, සීනි, සහල්, සැමන්, බී ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක මිල සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇතැයි පිටකොටුව තොග වෙළෙඳුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ප්‍රධාන පුවත්පතකට ඊයේ (07 දා) පවසා තිබේ.
ඒ අනුව,
රුපියල් 600 ට – 650 ට අලෙවි කළ පරිප්පු කිලෝව රුපියල් 420 හා 450 දක්වාත්,
රුපියල් 360 ට, 380 ට අලෙවි කළ සීනි කිලෝව රුපියල් 260, 270 දක්වාත්,
රුපියල් 2200 ට අලෙවි කළ වියළි මිරිස් කිලෝව රුපියල් 1300 දක්වාත්,
රුපියල් 700 ට අලෙවි කළ සැමන් ටින් එකක් රුපියල් 600 ,650 දක්වාත්,
රුපියල් 220 ට තිබුණු බී ලූනු කිලෝව රුපියල් 120 දක්වාත් මිල පහත බැස ඇතැයි ද හෙතෙම කීය.
තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කියා සිටියේය.
මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් හුඟක් අඩුවෙන්න ඉඩ තිබෙනවා.
දැනටමත් මේවායේ මිල රුපියල් 200 කින් 400 කින් අඩුවෙලා. සහලුත් හුඟක් අඩුයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |