ශෝට් ලීවා දාලා ගිහින් රුපියල් 50000 ට ඇග විකුණන ඔෆිස් නෝනලාගේ වැඩ.. නවතම ගණිකා ජාවාරමක් ගැන තොරතුරු..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Sithumi Dec 12, 2023 02:45 AM GMT
Report

රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය කරන කාන්තාවන් ඉතා රහසිගතව කෝටිපති ව්‍යාපාරිකයන්ට අලෙවි කිරීමේ මහා ජාවාරමක් වටලා තිබෙනවා.

එහිදී එහි මහ මොළකරු බව කියන මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර නොයෙකුත් ආයතනවල රාජකාරි කරන මෙම තරුණ කාන්තාවන්, බැංකු නිලධාරිනියන්, රූපලාවණ්‍ය ශිල්පිනියන් ඇතුළු ක්‍ෂේත්‍රවලට සම්බන්ධ තරුණියන් වන බවයි වාර්තා වන්නේ.

මේ අතර කෝටිපති ව්‍යාපාරිකයෙකුට කාර්යාලයීය සේවිකාවන් අවශ්‍ය බව කියමින් ජංගම දුරකතනය හරහා පොලිස් දූෂණ මර්දන නිලධාරීන් අදාළ ජාවාරම්කරුවෙකුට දුරකතන ඇමැතුමක් ලබා ගෙන තිබෙනවා.

එක් කාන්තාවකට පැයක කාලයක් සඳහා රුපියල් 55,000ක් මුදලක් අවශ්‍ය බවයි එහිදී ජාවාරම්කරුවන් පවසා ඇත්තේ.

එම කාන්තාවන් කාර්යාලවල සේවය කරන්නියන් බැවින් ඔවුන් ඒ සඳහා පැමිණෙන්නේ පැය දෙකක කෙටි නිවාඩුවක් ලබා ගනිමින් බවත් ජාවාරම්කරු පවසා තිබෙනවා.