මෙරට උද්ධමනය තවත් ඉහලට
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Inflation
Sri Lanka Food Crisis
By Sithumi
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව වාර්ෂික උද්ධමනය පසුගිය ජූලි මාසයේදී සියයට 66.7 දක්වා ඉහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ එය පෙර මාසය හා සැසඳීමේදී සියයට 7.8ක ඉහළ යාමක් බවය.
වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය ඉහළ යාම සදහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් ඉහළ යාම බලපා තිබේ. ඒ අනුව ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 6.7ක ඉහළ යාමක් සමග සියයට 82.5ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කළේය.
ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද සියයට 52.4 දක්වා ඉහළ ගොස් තිබේ. එය ජුනි මාසයේ පැවතියේ සියයට 43.6ක් ලෙසය. රෙදි පිළි හා පාවහන් සෞඛ්‍ය ප්‍රවාහන අධ්‍යාපන හෝටල් සහ ආපන ශාලා ඇතුළු සියල් ක්ෂේත්‍රවල උද්ධමනය ජුනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |