මෙරට උද්ධමනය ඉහල යාම නිසා වැටුප් අඩුවෙයි - වැටුපට සිදු වන දේ මෙන්න

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Inflation Economy of Sri Lanka
By Sewvandhi Sep 05, 2022 08:05 AM GMT
Report

මෙරට අවිධිමත් ක්ෂේත්‍රයන්හි වේතන නාමික වශයෙන් ඉහළ ගියත් උද්ධමනය හමුවේ එම වේතන සැබෑ ලෙස පහත වැටීමක් සිදුව ඇතැයි ECONOMY NEXT වෙබ් අඩවිය අනාවරණ කරයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය වසරේ ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ නිල දත්ත ඇගයීමෙනි.

ECONOMY NEXT වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නාමික වේතන 2022 ජුනි මාසයෙන් අවසන් වූ වසරක කාලය තුළ 28%කින් ඉහළ ගොස් තිබුණද සැබෑ වේතන 11%කින් පහත වැටී තිබේ. එම තත්ත්වයට හේතුවී ඇත්තේ ඉහළ අගයක පවතින මෙරට උද්ධමනයයි.

අවිධිමත් කර්මාන්ත ක්ෂේත්‍රයේ වේතන ද එම කාලවකවානුව තුළ 26%කින් ඉහළ ගොස් තිබුණත් උද්ධමනය හමුවේ එම කාණ්ඩයේ සැබෑ වේතන 20%කින් පමණ පහත වැටී තිබේ. අවිධිමත් සේවා අංශයේ වේතන එම කාලය තුළ 30%කින් ඉහළ ගොස් තිබුණත් උද්ධමනය හමුවේ එම වේතන සැබෑ වශයෙන් 17.9%කින් පහතවැටී තිබීම විශේෂත්වයකි.

රාජ්‍ය අංශයේ වැටුප් පිළිබඳ යාවත්කාලීන කළ නිල දත්ත ප්‍රකාශ නොවුණත් පසුගිය ජනවාරි මාසයේ ඉහළ නැංවූ වැටුප්වලට සාපේක්ෂව ඔවුන්ගේ සැබෑ වැටුප් 26%කින් පහත වැටී ඇති බව ද වෙබ් අඩවිය පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now