ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න ඉන්දියාවත් සමඟ කරන්න යන දේ මෙන්න..

Sri Lanka Politician Sri Lanka IMF Sri Lanka India China Ship In Sri Lanka
By Aruna Oct 16, 2022 05:47 AM GMT
Report

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඉන්දු ශ්‍රී ලංකා වරණීය නිදහස් වෙළෙඳ ගිවිසුම හෙවත් ‘එක්ටා’ ගිවිසුම අත්සන් තැබීමට දෙපාර්ශවය තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ප්‍රධාන පුවත්පතක් වාර්තා කරයි.

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ චීනය, ඉන්දියාව ප්‍රධාන ණයහිමියන්ට ගෙවීමට ඇති ණය සඳහා ඒ ඒ රටවල් සමඟ සාකච්ඡා කර ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකර ගන්නා ලෙසයි.

ණය මුදල් ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තුරු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය වාරිකයක් හෝ නොලැබේ.

මේ හේතුවෙන් චීනය හා ඉන්දියාව සමග ලංකා රජය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අරඹා තිබේ.

ඒ යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ‘එක්ටා’ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබීමට ඉන්දියාව කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව නොබෝ කලකින් එම ගිවිසුම අත්සන් කිරීමට ඉහළ මට්ටමේ එකඟතාවයකට පැමිණෙනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now