ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට අද ලැබුණ විශේෂ දේ..

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Apr 28, 2022 02:53 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

ඉන්දුනීසියාව විසින් විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක ( ආසන්න වශයෙන් රුපියල් මිලියන 517.5 ක) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සමන්විත ටොන් 3.1 ක මානුෂීය ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 

මෙම මානුෂීය ආධාර තොගය කාණ්ඩ දෙකක් යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අතර ඉන් පළමු කාණ්ඩය අද පස්වරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ජකර්තා සිට මෙරටට ගෙනඑනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කළ ඉල්ලීමට අනුව, දින දහයක් ඇතුළත මෙම ආධාර තොගය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඉන්දුනීසියානු නිලධාරීන් සහ ඖෂධ සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය එක්ව පරිත්‍යාග කර ඇත.

ආධාර තොගය භාරගැනීම අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපොළ පරීශ්‍රයේදි අද පස්වරුවේ සිදුකෙරුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now