ඉන්දියාවෙන් සදට තවත් යානාවක්..
අද (14) ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් - 3 යානය කක්ෂගත කෙරිණි.අද පස්වරු 2.35ට පමණ Sriharikota අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් එම යානය කක්ෂගත කළේය.
මෙය අගෝස්තු 23-24 අතර දිනකදී සඳ මත ගොඩ බසිතැයි අනුමාන කෙරේ. සඳමත යානයක් ගොඩබැස්වීම සඳහා මීට පෙර සමත් වී ඇත්තේ, අමෙරිකාව සහ රුසියාව හැරුණු කොට චීනය පමණි.
ඉන්දියාව 2020 වසරේ යැවූ චන්ද්‍රයාන්-2 යානය චන්ද්‍රයාගේ කක්ෂයට සාර්ථකව ඇතුළුවූවත් සඳමත ගොඩබැස්වීමට යාමේදී විනාශයට පත් විය. දැවැන්ත පිරිවැයක් සහිත අමෙරිකානු රොකට්ටු හා සසඳන විට පිරිමැසුම්දායක වියදමක් ලෙස සැලකිය හැකි ඩොලර් මිලියන 75කට අඩු මුදලක් වැයකරමින් චන්ද්‍රයාන්-03 නිමවා තිබුණි.
එය උඩුගුවනට රැගෙන යන්නේ ඉන්දියාව විසින් වැඩිදියුණු කළ රොකට්ටුවකින් බව වාර්තා වෙයි. කිලෝමීටරයකට ඉන්දීය රුපියල් ලක්ෂ 04ක් වශයෙන්, ඉන්දීය මාධ්‍යය මේ අභ්‍යවකාශ ගමනේ පිරිවැය ගණනය කර තිබුණේ. කිලෝග්‍රෑම් 3921ක් බරැති චන්ද්‍රයාන් උඩුගුවනට රැගෙන යන රොකට්ටුව ටොන් 642ක බරකින් යුක්ත වෙයි.
හොඳින් වැඩුණු ආසියානු ඇතුන් 130 දෙනෙකුගේ බරට, ඉන්දීය මාධ්‍ය එය සමාන කර තිබුණේ.චන්ද්‍රයාන්-3 සඳ හරහා අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ආයෝජන සහ චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ ව්‍යාපාරික කටයුතු සඳහා නව ප්‍රතිපත්ති පෙළක් අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ප්‍රථම වරටය.
ගෝලීය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සිය අභ්‍යවකාශ සමාගම් ස්ථාපිත කොට ඒවායේ ආයෝජන ඉදිරි දශකය තුළ පස් ගුණයකින් ඉහළ නැංවීමට ඉන්දියාව අපේක්ෂා කරයි. 2020 වසරේ අභ්‍යවකාශ මෙහෙයුම්වලින් වාර්තා කළේ 02%ක ආදායමක් පමණි. චන්ද්‍රයාන් යනු, සංස්කෘත භාෂාවෙන් සඳයානය යන්නයි.
යානය, සඳේ දකුණු ධ්‍රැවය ආසන්නයෙන් ගොඩබස්වා සති දෙකක පමණ කාලයක් පර්යේෂණ පැවැත්වීමට සැලැසුම් කර ඇත. චන්ද්‍රයාන්-3 මෙහෙයුම මඟින් ඉන්දියාව අභ්‍යවකාශ බලවතෙකු වීම පමණක් නොව, පෞද්ගලික අංශය ඒ සඳහා යොදාගැනීම වේගවත් කිරීමත්, එම අංශයේ ව්‍යාපාරික කටයුතු විවෘත කිරීමත් සලකුණු කරන බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
මෙහෙයුම සාර්ථක වුවහොත් අභ්‍යවකාශ මෙහෙයුම් ක්ෂේත්‍රයේ ඉන්දියාවේ ප්‍රතිරූපය සවිමත් වන අතර, එමඟින් වාණිජකරණ අවස්ථා උදාවිය හැකි බව නවදිල්ලියේ ආරක්ෂක අධ්‍යාපන සහ විශ්ලේෂතා ආයතනයේ විද්‍යාඥ අජේ ලෙලේ සඳහන් කරයි.
සඳමත යානයක් මෙතෙක් ගොඩබැස්වීමක් සාර්ථකව සිදුකර ඇත්තේ, අමෙරිකාව, රුසියාව සහ චීනය පමණි.
2020 වසරේ ඉන්දීය චන්ද්‍රයාන්-2 මෙහෙයුම අසාර්ථක වීමෙන් පසු මෙතෙක් ඒ සඳහා කිසිවෙකු උත්සාහ කර නැත.
2020 වසරින් පසු ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුම් වාණිජකරණයට පියවර රැසක් ගත් අතර, ඒ සඳහා නවෝත්පාදන සමාගම් රැසක් ද බිහි විය.