ඉන්දීය නාවික හමුදාවෙන් සැකකටයුතු යාත්‍රාවකට වෙඩි ප්‍රහාරයක් - එක් අයෙක් තුවාල ලබයි..

Indicom
By krishani Oct 22, 2022 05:24 AM GMT
Report

ඉන්දීය නාවික හමුදාව විසින් ඉන්දු - ශ්‍රී ලංකා දේශසීමාව ආසන්නයේදී සැකසහිත යාත්‍රාවකට වෙඩි තබා ඇත. 

මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය නාවික හමුදාව විසින් අවස්ථා කිහිපයකදීම මෙම යාත්‍රාවට අනතුරු ඇගවීමේ සංඥා නිකුත් කර තිබුණද ඔවුන් ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙම යාත්‍රාවට වෙඩි තබා ඇත්තේ.

එහිදී යාත්‍රාවේ සිටි අයෙකු තුවාල ලබා ඇත. ඔහු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් රාම්නාතපුරම් රජයේ රෝහල වෙත යොමුකර තිතිබුණු අතර තුවාල ලැබූ පුද්ගලයා තමිල්නාඩු ප්‍රාන්තයේ මලිලදුතුරෙයි දිස්ත්‍රික්කයේ ධීවරයෙක් ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.