ඉන්දියාවෙන් මුලු ලෝකයටම සුබ ආරංචියක්..

Sri Lanka Indian Covid vaccines
By Aruna Dec 29, 2021 03:39 AM GMT
Report

කොවිඩ් මර්දනය කිරීමේ අරමුණින් ඉන්දියාව නව එන්නත් දෙකක් අනුමත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාමේ වේගවත් බව නිසායි.

Serum Institute of India’s Covovax සහ Biological E’s Corbevax යන එන්නත් දෙක හදිසි අවස්ථාවන්හිදී සීමා සහිත භාවිතය සඳහා අවසර ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දියාව දැනටමත් එන්නත් අටක් අනුමත කර ඇති අතර ඉන් තුනක් ඉන්දියාවේ නිපදවා තිබෙනවා.

ඉන්දියාව මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව බිලියන 1.4 කට වඩා ලබා දී ඇති අතර ඒ අනුව සුදුසුකම් ලත් වැඩිහිටියන්ගෙන් 62%ක් පමණ සම්පූර්ණයෙන් එන්නත් කර ඇති බවත් 90%කට වඩා වැඩි පිරිසකට ජනවාරි මාසයේ සිට මේ දක්වා අවම වශයෙන් එක එන්නතක් හෝ ලබා දී ඇති බවත් වාර්තා වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now