ඉන්දීය ආධාර බෙදාදීම ඇරඹේ..! පළමුවෙන්ම ලැබෙන ප්‍රදේශ මෙන්න..
Badulla
Sri Lanka Economic Crisis
Sri Lanka
India
By Sewvandhi
ඉන්දීය ජනතාවගේ මානුෂීය පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ආ ආධාර දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙනුවෙන් බෙදාදීමේ කටයුතු ආරම්භ කර තිබේ.
එලෙස පරිත්‍යාග කළ මෙම ආධාර තොගයේ වටිනාකම රුපියල් බිලියන 02කි. ඉන්දීය ජනතාවගේ මානුෂීය පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 02ක පමණ වටිනාකමකින් යුත් ආධාර රැගත් නෞකාවක් පසුගිය 22වනදා දිවයිනට ළඟා විය.
ආධාර තොගයට සහල් මෙට්‍රික් ටොන් 9,000ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50ක්, අත්‍යාවශ්‍ය ඖෂධ මෙට්‍රික් ටොන් 25ක් ඇතුළත් වේ. ඒ අනුව එම ආධාර ජනතාව වෙත බෙදා දීමේ කටයුතු ආරම්භ කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් එක් ලක්ෂ දස දහසක් සඳහා වියළි සලාක මලු ලබාදීම ආරම්භ කර ඇති අතර වැලිමඩ, හපුතලේ සහ හල්දුම්මුල්ල වතු ආශ්‍රිත ජනතාවට ප්‍රථම අදියර යටතේ වියළි සළාක බෙදාදීම සිදුකෙරුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |