ඉන්දීය හමුදා ලංකාවට යොදවනවා..? ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්..!

security Indian Army sri Lanka gagana news
By Sewvandhi Apr 02, 2022 09:35 AM GMT
Report

ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට පැතිර යන රාවය පිළිබඳව පැහැදිලි කරමින් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශ අතිශය සාවද්‍ය සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මාධ්‍ය වාර්තා බවය.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද දන්වයි.

එසේම මහ කොමසාරිස් කාර්යාලය, එවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හෙළාදකින අතර අදාළ පාර්ශ්වයන් කටකතා පැතිරවීමෙන් වළකිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now