පළමු T20 තරගයේදීම ශ්‍රී ලංකාවට සිදුවූ අවාසනාවන්ත ඉරණම මෙන්න..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු T20 තරගයෙන් ලකුණු 62ක ජයක් ලබාගැනීමට සත්කාරක ඉන්දියාව සමත්වුණා.
ලක්නව්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 199ක් ලබාගනු ලැබුවා.
මේ අතර නායක රෝහිත් ශර්මා ලකුණු 44යි.
ඉෂන් ක්‍රිෂාන් ලකුණු 89ක් ලබාගත්තේ පන්දු 56කින්.
හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුලත්.
ඔහු සහ නායක රෝහිත් ෂර්මා අතරේ පළමු කඩුල්ල සඳහා ලකුණු 111ක සම්බන්ධතාවක් ද ගොඩනඟා ගත්තා.
ශ්‍රෙයාස් අයියර් නොදැවී ලකුණු 57ක් ලබාගත්තා.
පන්දු 28කින් ලබාගත් එම ලකුණු 57ට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුලත්.
පන්දු යැවීමේදී ලහිරු කුමාර සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවාගත්තා.
ඒ අනුව තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 200ක්.
පැතුම් නිස්සංක, කමිල් මිෂාර, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ ලහිරු කුමාර ශ්‍රී ලංකා කණ්ඩායමට නියෝජනය කරනවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 137ක් පමණයි.
චරිත් අසලංක නොදැවී 53යි. චාමික කරුණාරත්න ලකුණු 21ක් ලබාගත්තා.
දුෂ්මන්ත චමීර නොදැවී ලකුණු 24ක් ලබාගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |