ඉන්දියාව ආසියානු කුසලානයේ වාර්තාවක් තබයි..ඊයේ රෑ සිදු වූ දේ මෙන්න..

Indian Cricket Team Afghanistan Cricket Team
By Aruna Sep 08, 2022 10:57 PM GMT
Report

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගය ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111ක් පමණයි.

ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

මෙම තරගයේදී තම පළමු T20 ශතකය රැස් කර ගැනීමට විරාත් කෝලි සමත් වුණා.

ඔහු නොදැවී ලකුණු 122ක් රැස් කළා. ඊට හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් ඇතුලත්.

තම 104 වන ජාත්‍යන්තර T20 තරගයට එක්වෙමිනුයි ඔහු මෙම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේ.

එමෙන්ම මෙය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ 71වන ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.

ලෝකේෂ් රාහුල් තම 17 වන අර්ධ ශතකය ලබාගත් අතර ඒ පන්දු 36කින්.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භක කඩුල්ලට ගොඩ නැගුණු හොඳම සබඳතාව ද සටහන් කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළට ගෙන ඒමට විරාත් කෝලි සහ ලෝක්ෂේ රාහුල් සමත්වුණා.

ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 119ක්ව තිබියදී දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

පළමු කඩුල්ල ලෙස ලකුණු 62ක් ලබා සිටි නායක ලෝකේෂ් රාහුල් දැවී ගියේ උඩ පන්දුවක් ලබා දෙමින්.

ෆරීඩ් අහමඩ් ඉන්දීය කඩුලු දෙක දවා ගැනීමට සමත්වුණා.

තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 213ක්.

ඒ අනුව ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 111 ක් පමණයි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 4ම පන්දුවාර දෙකක් තුල දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත්වුණා.

බුවනේෂ්වර් කුමාර් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු 5ක් දවා ගත්තා.

අද දිනයේ පිතිකරණයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මදක් හෝ සාර්ථක වූයේ Ibrahim Zadran පමණයි.

ඔහු නොදැවී ලකුණු 64ක් ලබාගත්තා. Mujeeb Ur Rahman ලකුණු 18ක් රැස්කළා. Rashid Khan ලකුණු 15 යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now