නිදහසේ 79 වසරක් - ඉන්දියාවේ ජාතික උතුම් දිනය අද
                                    
                    National Day
                
                                                
                    India
                
                                                
                    Latest Headlines
                
                                                
                    Sinhala news
                
                                                
                    Puwath.lk
                
                        
        
            
                
                By Shehan
            
            
                
                
            
        
    අද (15) ඉන්දියාවේ 79 වන ජාතික නිදහස් දිනය සමරනු ලබයි. 1947 වසරේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව නිදහස ලබා ගත් දිනය මෙයයි.
මෙවර ඉන්දීය රජය විසින් සංවිධානය කරන විශේෂ රාජ්‍ය උත්සවය නවදිල්ලියේ රතු බළකොටුවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
උත්සවයේදී අගමැති මෝදි මහතා පෙරවරු 7.30ට ඉන්දීය ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීමට නියමිතය.
මෙම උත්සවයේදී සින්දූර් මෙහෙයුමට දායක වූ හමුදා නිලධාරීන් ඇගයීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති අතර, එම මෙහෙයුමට සම්බන්ධ වූ කිහිප දෙනෙකු වාර්ෂික හමුදා ගෞරව නාම ලේඛනවලට ඇතුළත් කිරීමටද සැලසුම් කර ඇත.
 
                 
                 
                                             
        
     
     
     
     
    