ඉන්දියා ඕස්ට්‍රේලියා තරගය : ඉන්දියාවට සුපිරි ජයක්..

Cricket Indian Cricket Team
By Sithumi Feb 19, 2023 12:07 PM GMT
Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හයක ජයක් හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඒ, තරගය ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිව තිබූ ලකුණු 115ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී සිටියදී පසුකර යැමට ඔවුන් සමත්වීමත් සමගයි. 

 තරගයේ පළමු ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලබාගත් ලකුණු 263ට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමේදී ලකුනු 262ක් ලබාගත් අතර ඔස්ට්‍රේලියාවට සිය දෙවන ඉනිම සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 113ක් පමණයි. 

 දෙරට අතර පළමු ටෙස්ට් තරගයෙන් ද ඉනිමක සහ ලකුණු 132ක ජයක් හිමිකර ගැනීම හේතුවෙන් තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා. පළමු තරගයේදී මෙන්ම දෙවන තරගයේ ද තරගයේ වීරයා සම්මානය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා හටයි.