පාකිස්ථානය ඉන්දියාවට ඇඩ්‍රස් නැති වෙන්නම නෙළයි..25000ක් ප්‍රේක්ෂකයන් අතරේ සිදුවූ දේ...(PHOTOS)
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගැනීමට පකිස්ථානය සමත්වුණා.
ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් හතර දෙනාගේ වටයේ දෙවැනි තරගය ලෙසින් ඉන්දු - පාකිස්ථාන තරගය ඩුබාහි හිදී පැවැත්වුණේ 25000කට අධික ප්‍රේක්ෂක සහභාගිත්වයෙන්.
මුලික වටයේදී මෙම පසමිතුරන් එකිනෙකා මුණ ගැසුණු අවස්ථාවේදී පාකිස්ථානුවන් අභිබවා ඉන්දියානුවන් නැගී සිටියා.
අද තරගයේ තරගයේ කාසියේ වාසිය මෙවර පාකිස්ථාන නායක බාබර් අසාම් සතුවුණා.
ඔහු පළමුව පන්දුවට පහර දෙන්නට ඉන්දියානුවන්ට ආරාධනා කරද්දී එම ආරාධනයෙන් පිටියට පිවිසියේ නායක රෝහිත් ශර්මා සමඟින් ලෝකේශ් රාහුල්.
ඔහු දෙදෙනා එක්ව පන්දු 31කින් අර්ධ ශතක සබඳතාවක් එක් කලේ සුවහසක් වූ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත්කරමින්.
ශර්මා සහ රාහුල් ලකුණු 28ට බැඟින් ලබා සිටියදී පිටියෙන් ඉවත්වුණා.
සූර්යකුමාර් යාදෙව්, රිෂාබ් පාන්ට් සහ හර්දික් පාන්ඩියා ලකුණු අතරට පිවිසෙන්නට පෙර යළි ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කළ පාකිස්ථාන පන්දු යවන්නන්, ගිලිහෙමින් තිබු තරගයේ පාලනය සියතට ගත්තා. කෙසේ වෙතත් ඉන්දීය ඉනිමට මුක්කුවක් ගැසූ විරාත් කෝලි පන්දු 44කින් ලකුණු 60ක් ලබා ගත්තේ ඉන්දීය ඉනිම ප්‍රභල තත්ත්වයක් දක්වා ඔසවා තබමින්.
ඒ අනුව ඉන්දියානුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්.
ශඩාබ් ඛාන් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමුවා. ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසියේ බාබර් අසාම් සමඟින් මොහොමඩ් රිස්වාන්.
බාබර් අසාම් ලකුණු 14කට දැවී ගිය අතර මොහොමඩ් රිස්වාන් ලකුණු 71ක් ලබාගත්තා.
පන්දු 51කින් ඔහු ලකුණු 71ක් ලබාගත්තේ හතරේ පහර 6ක් සහ හතරේ පහර දෙකක් ද සමගින්. මොහොමඩ් නවාස් ලකුණු 42යි.
ඔහු පන්දු 20ක් තුල වේගවත් ලකුණු 42ක් ලබාගත් අතර ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර දෙකක් සමගින්.
ඒ අනුව පාකිස්ථානය පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ආසියානු කුසලාන තරගාවලියේ තීරණාත්මක මීළඟ තරගය ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |