ජනප්‍රිය ඉන්දීය විකට නළුවෙකු සිය දිවි සැරිය නිම කරයි..

India
By krishani Sep 21, 2022 07:59 AM GMT
Report

ජනප්‍රිය ඉන්දීය විකට නළු රාජු ශ්‍රීවාස්තවා මිය ගිය බව ඔහුගේ පවුලේ අය විසින් තහවුරු කර ඇත.

ඔහු ජීවිතයෙන් සමුගන්නාවිට 58 වියේ පසු වූ අතර අගෝස්තු මාසයේ සෑදුණු හෘදයාබාධයක් නිසා ශ්‍රීවාස්තාවා දිල්ලි අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බව පසුගිය සතියේ ඔහුගේ පවුලේ අය පවසා තිබුණේ ය.

ශ්‍රීවාස්තවා 1980 ගණන්වල හින්දි චිත්‍රපටවලට විකට නළුවෙකු ලෙස ක්‍ෂේත්‍රයට සම්බන්ධ වී ඇත.

ඔහු 2005 වසරේදී ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රහසනය සඳහා වූ රියැලිටි වැඩසටහනක් වන ‘The Great Indian Laughter Challenge’ සඳහා සහභාගී වීමෙන් පසුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join