08 හැවිරිදි දරුවෙක් පැය 16කට අධික කාලයක් පටු ළිඳක සිර වෙලා - ගැලවුම්කරුවන් ඔක්සිජන් පොම්ප කරමින් සිටියි.. සංවේදී පුවතක්.

India Accident
By krishani Dec 07, 2022 08:02 AM GMT
Report

පැය 16කට අධික කාලයක් ඉන්දියාවේ පටු ළිඳක සිරවී සිටින අට හැවිරිදි පිරිමි ළමයෙකු බේරා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

අඩි 400ක් ගැඹුරු ළිඳේ අඩි 55ක් පමණ උසට සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Tanmay Sahu නැමැති මෙම දරුවා මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ ළිඳකට වැටී ඇති අතර ගැලවුම්කරුවන් දරුවාට ඔක්සිජන් පොම්ප කරන නමුත් වැසී ඇති මඩ තට්ටු නිසා ඔහුගේ තත්ත්වය නිශ්චිතව කිව නොහැකි බව වාර්තා වේ.

දරුවා බේරා ගැනීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බව දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ශ්‍යාමේන්ද්‍ර ජයිස්වාල් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පවසා ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join