නිදහස් දිනය පෙබරවාරි 04 නෙවෙයි..වෙනත් දිනයක් තීන්දු කර බවට දැනුම්දීමක්..

Independent Party Sunil Handunnetti Independent Commissions Sri Lanka Janatha Vimukthi Peramuna
By Aruna Jan 31, 2024 06:38 AM GMT
Report

පෙබරවාරි හතරවෙනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබී නැති බවත් ඇත්තේ නව යටත් විජිතවාදී ක්‍රමයක් හඳුන්වාදීම බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කර සිටිනවා.

ඉදිරියේදී පත්වන මාලිමා ආණ්ඩුවකින් සැබෑ නිදහස් දිනය කවදාදැයි තීන්දු කරන බවද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මාධ්‍ය සාකච්ඡාවකට එකමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

‘1948 පෙබරවාරි හතරවැනිදා මෙරටට පූර්ණ නිදහසක් ලැබිලා තිබුණේ නෑනේ. එදා සිද්ධවෙලා තියෙන්නේ නිදහස වෙනුවට නව යටත්විජිතවාදි ක්‍රමයක් හඳුන්වා දුන්නු එකයි.

ඉන්දියාවේ නිදහස දිනා ගැනීමයි අපට ප්‍රදානය කළ නිදහසයි අතර ලොකු වෙනසක් තිබෙනවා. ඉන්දියාව නිදහස ලබාගත්තේ අරගලයකින්.

නමුත් අපිට අරගලයක් නොකරම නිදහස ලබාදෙන ආකාරයට නව යටත්විජිත පාලනයක් ආරම්භ කළා. ඒ තුළ අදටත් පරගැති පාලන ක්‍රමයක් මිස නිදහස් ජනතාවාදි පාලනයක් නෑ.

1972 ජනරජ ව්‍යවස්ථාවෙන් අපි පූර්ණ නිදහස දිනාගත්තා කියලා කීවත් එදායින් පසුව බිහි වූ හැම ආණ්ඩුවක්ම අධිරාජ්‍යවාදීන්ගේ රූකඩ ආණ්ඩුයි. ජනතා ආණ්ඩුවක් මේ රටේ තිබිලා නෑ.

මෙතෙක් සිද්ධ වුණේ ජනතා ඡන්දයෙන් එකිනෙකා ඔවුන්ට ඕනෑ විදියට ආණ්ඩු හදාගත්තු එක විතරයි. ඒ පුද්ගලවාදී ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න දැන් ජනතාව සූදානම්.

ජනතාවට දැනෙන ජනතා ආණ්ඩුවක් මෙවර ජනතාව පත්කර ගන්නවා. ඒ තමයි මාලිමාවේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව තීරණය කරාවී මෙරට සැබෑ නිදහස් දිනය කවදාද කියලා.’

Sponsored By Sarrita Jewellery

නිදහස් දිනය පෙබරවාරි 04 නෙවෙයි..වෙනත් දිනයක් තීන්දු කර බවට දැනුම්දීමක්.. | Independent Day Sunil Hadunneththi