පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය. දැඩි වෙහෙසක්

Sri Lanka Cricket Indian Cricket Team Dasun Shanaka
By Sithumi Jan 03, 2023 05:34 PM GMT
Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ශ්‍රී ලංකා නායකයා තීරණය කර තිබුණේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටයි.

  ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 160ක් පමණයි.  

මුම්බායි වංකඩේ ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතයි.