ඉන්දියාවෙන් කළ ඉල්ලීමකට එරටින් ධනාත්මක ප්‍රතිචාරයක්..

Sri Lanka Cabinet India
By Sithumi Jun 04, 2022 08:03 AM GMT
Report

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ තිරිඟු පිටි ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. හබරණ ගල්ඔය දුම්රිය ස්ථාන අතර රක්ෂිත ප්‍රදේශයේදී අද රාත්‍රී 7.30ට පමණ අනතුර සිදුව ඇති බවයි

අප වාර්තාකරු සඳහන් කළේ. මෙම අනතුරත් සමග දුම්රිය ද පීලි පැනීමට ලක්ව තිබෙනවා. වන අලි තුන්දෙනෙකු දුම්රියේ ගැටී ඇති අතර එක් වන අලියෙකු තුවාල ලබා ඇතැයි සඳහන්.

මියගොස් ඇත්තේ වන අලි පැටවුන් දෙදෙනෙකු බවයි අප වාර්තාකරු කියාසිටියේ. දුම්රිය පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රි එම මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අවලංගු කර තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now