ඔබේ සිරුරේ ඊස්ට්රොජෙන් මට්ටම වැඩි වූ බව පෙන්වන ලක්ෂණ.
පත්වීමේදී වගේම ගර්භනී කාලයේදී කාන්තාවන්ගේ සිරුර තුළ ඊස්ට්රොජෙන් මට්ටම ස්වභාවිකවම ඉහළ යන්න පුළුවන්. ඇතැම් වෙලාවට මෙලෙස ඊස්ට්රොජෙන් ඉහළ යන්න ආහාර රටාව හරියටම කියනවා නම් රසකාරක අඩංගු ආහාර ලබාගැනීම සහ වෙනත් බාහිර සාධක බලපෑ හැකියි. ඔබටත් එකවර මෙවැනි ලක්ෂණ තියෙනවා නම් වහාම නොසලකා හරින්න එපා. වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.
පහත සඳහන් ලක්ෂණ ඔබටත් තියනවා නම්, ඔබෙත් ඊස්ට්රොජෙන් මට්ටම වැඩියි.
? ඔසප් අවධියේ දී සහ ගර්භනී අවධියේ දී පියයුරුවල ඉදිමුම ඇතුළු වෙනස්වීම් ඇති වීම. මෙයට හේතුව වන්නේ පියයුරු, හෝර්මෝනවලට අධි සංවේදී වීමයි.
? ඊස්ට්රොජෙන් හෝර්මෝනය ඔබගේ මානසික මට්ටමට සහ ඔබේ හැඟීම්වලට ද බලපෑම් ඇති කරනවා. ඊස්ට්රොජෙන් හෝර්මෝනයේ අසමතුලිතතාවයන් නිසා ඔබ මානසික ආතතියට ලක් විය හැකියි. ඒ වගේම ඔබ අධික ආවේගශීලී විය හැකියි. දුක, සතුට ආදී හැඟීම්වලට ඔබ අසාමාන්‍ය ලෙස සංවේදී වීම.
? ඊස්ට්රොජෙන් හෝර්මෝනයේ අසමතුළිතතාවයක් ඇති විට පියයුරුවල බිබිළි හෝ කුඩා ගැටිති මතු වීම. නැතිනම් පියයුරුවල ඉරිතැළුණු ස්වභාවයක් දකින්න ලැබීම. ඔබෙත් මෙවැනි ලක්ෂණ දකින්න ලැබෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
? අධික ලෙස හිස කෙස් ගැළවී යාම.
? ඔසප් චක්‍රය අක්‍රමවත් වීම.
? සෑම විට ම අධික මහන්සියක් දැනීම
? අධික නිදිමත හෝ නින්ද නොයෑම
? එක්ව ම සිරුරේ බර වැඩි වීම
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |