ඇඳුම් අදින්නෙ බලාගෙනයි.. දඩය 50000ක්..තවත් දඩ පෝලිමක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Dr Wijeyadasa Rajapakshe
By Aruna Jan 28, 2024 07:08 AM GMT
Report

ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු ලෙස හැඟී යන පරිදි ඇඳුම් ඇඳීම හෝ එබඳු අයෙකුගේ සලකුණක් භාවිත කිරීමේ දී අය කරන දඩය ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට අනුවයි.

එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ, මෙම දඩය රුපියල් 50,000ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කර ඇති බවයි.

මීට පෙර අදාළ වරද සඳහා අය කෙරෙනු දඩය රුපියල් 100ක් වනවා.

මේ අතර කැරලි ගැසීම සම්බන්ධයෙන් ඉඩම් හිමියා හෝ පදිංචිකරු තොරතුරු නොදීම සම්බන්ධයෙන් වන දඩය මුදල ද ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව එය රුපියල් 10,000ක් දක්වා ඉහළ යනු ඇති.

මීට පෙර අදාළ වරද සඳහා දඩයක් ලෙස අය කරනු ලැබුවේ රුපියල් 1000ක් පමණයි.

කලහ කිරීම සම්බන්ධයෙන් රුපියල් සියයක දඩය රුපියල් දසදහසක් දක්වා ඉහළ දැමීමට ද පියවර ගෙන ඇත.

මහජන කරදරයක් සිදුකිරීම සඳහා රුපියල් 50 ලෙස පැවති දඩය රුපියල් 25,000 දක්වා ද, යම් තැනැත්තකුට අයුතු ලෙස අවහිර කිරීම සඳහා රුපියල් 50ක් වූ දඩය රුපියල් 50,000 දක්වා ද ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

වයසට යන ඉලක්කම අඩු කර තරුණ බව ඇති කරන බෙහෙතක් ලංකාවෙන් සොයා ගනී..මුළු රටටම සුභ ආරංචියක්..

වයසට යන ඉලක්කම අඩු කර තරුණ බව ඇති කරන බෙහෙතක් ලංකාවෙන් සොයා ගනී..මුළු රටටම සුභ ආරංචියක්..


Sponsored By Sarrita Jewellery

ඇඳුම් අදින්නෙ බලාගෙනයි.. දඩය 50000ක්..තවත් දඩ පෝලිමක්.. | Increases Fines