පොලිස් නිලධාරීන්ගේ මානසික ශක්තිය වැඩි කරන්න අලුත්ම වැඩක් (PHOTOS)

Sri Lanka Police Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Sep 10, 2022 10:17 AM GMT
Report

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරින්ගේ මානසික ශක්තිය වර්ධනය කිරිම සඳහා විශේෂ වැඩ සටහන් මාලාවක් එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.

මෙහි පළමු පියවර ලෙස මානසික ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපදෙස් ඇතුළත් විශේෂ දේශනයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.

මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙම දේශනය පැවැත්වීය. පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරිහු රැසක් මෙම වැඩසටහනට සම්බන්ධ වූහ.

ජීවිතයේ අභියෝග ජයගැනීම, මානසික තත්වය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම, රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම, මනස ලෙඩ නොකර ස්ථාවරව පවත්වාගෙන යෑම යනාදී කරුණු පිළිබඳව මෙහිදී පොලිස් නිලධාරින් පුළුල්ව දැනුවත් කෙරුණු බව එම පොලිස් කොට්ඨාශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW


GalleryGallery