ඔබත් බදු ගෙවීම් පැහැර හැරී කෙනෙක්ද ආණ්ඩුවෙන් ඔබවත් සොයයි...
බදු යනු රජයේ ප්‍රධානම ආදායම් මාර්ගයයි. මේ නිසාම නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එසේ පැහැර හරින බදු අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
එහිදී "යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවයක් ඇති නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙනවා.
එවැනි ඇතැම් උසාවි ක්‍රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන්, අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින්." බවයි
ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තවද බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක් බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු ගෙවිය යුතු නැති බවත් පැවසුවා.
මේ බව පසුගියදාද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අනාවරණය කළා මේ නිසාම ඒ පිළිබඳව ලිඛිතව ප්‍රාදේශීය කාර්යාලයට දැනුවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
බදු පැහැර හරින්නන් හසු කරගැනීම වෙනුවෙන් කළ හැකි ශක්තිමත්ම දැළ එලා ඇති බවත්, තොරතුරු තාක්ෂණය සමගින් පවත්නා නීති යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවත් සඳහන් කළේ.
එමෙන්ම මින් පෙර කිසිදිනක සිදු නොකළ ක්ෂේත්‍ර 14 ඔස්සේ බදු පිළිබදව අවදනාය යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා
ඒ අනුව ඔහු කියා සිටියේ පෞද්ගලික උපකාරක පන්ති, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළු විවිධ වූ ක්ශේත්‍ර ගණනාවක් මීට අයත්වන බවයි.
ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසීමට හැකිවන බවයි ඔහු සදහන් කළේ.