ළමා නිවාසයේ ලිංගික හිංසන චෝදනාව පොලිසියේ සැකයට ලක්වෙයි..
මහනුවර වෙලම්බඩ ප්‍රදේශයේ ළමා නිවාසයකදී එහි පාලිකාවගේ අනුදැනුම මත තමන් ලිංගික අපයෝජනයට ලක්වූ බව කියමින් දාහත් හැවිදි දැරියක් මඩාටුගම පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියට සැක පහළ වී ඇත.
මෙම දැරිය ළමා නිවාසයේ රැඳී සිටියදී අනෙකුත් රැදවියන්ට හා පාලිකාවන්ට පහරදීම් සිදුකර ඇති බවටත් ඔවුන්ගේ ඇඳුම් ඉරා දමමින් හැසිරී ඇති බවටත් කරුණු අනාවරණය වී තිබේ.
ඇය එම ස්ථානයේ දේපොළවලටද හානි සිදුකර තිබෙන බව ළමා නිවාස ලිපිගොනු පරික්ෂාවේදී හෙළිවී ඇති අතර මෙම දැරිය මානසික රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගෙන තිබෙන බවද වාර්තාවේ.
ඇය කිහිප අවස්ථාවක් ළමා නිවාසයෙන් පැනයාමට උත්සාහකර ඇති බව ද පැවසේ.
අවුරුදු 23ක විවාහක පුද්ගලයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන ඔහු සමඟ පැනගොස් කොළඹ ප්‍රදේශයේ රැඳී සිටියදී මෙම දැරිය සොයාගෙන තිබේ.
නිසි භාරකාරත්වයක් නොමැතිවීම මත දඹුල්ල අධිකරණය මඟින්පසුගිය පෙබරවාරි මස 24 වැනි දින ඇයව අදාළ ළමා නිවාසයට යොමු කර ඇත.