සිර මැදිරියේදී සැකකරුවන්ට වස මිශ්ර කිරි දීමේ සිද්ධියට කාන්තාවන් ඇතුළු 7 කොටුවෙයි. - ( CCTV VIDEO )
ආදුරුප්පුවීදිය පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්ර කිරි වර්ගයක් ලබාදීමේ සිද්ධියට අදාළව 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පොළ - ගලහ - දෙල්තොට ප්රදේශයේ නිවසක සැගව සිටිය දී කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙක් මෙලෙස ඊයේ(12) අත්අඩංගුවට ගැනුනා.
එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මෙම සිද්ධියට ආධාර අනුබලදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනාටයි මෙලෙස සයනයිඩ් මිශ්ර කිරි වර්ගයක් ලබාදී තිබුණේ.
පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ද වැඩ තහනම් කරනු ලැබුවා.