පිරිසක් විසින් එලවා දැමූ පාකිස්ථාන අගමැතිට ජනතාවගේ ප්‍රසාදය හිමවෙයි..සිරමැදිරියේ සිට විශේෂ ප්‍රකාශයක්..

Pakistan Imran Khan World
By Aruna Feb 10, 2024 05:10 AM GMT
Report

පාකිස්තානයේ 12 වන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ ජය සමරණ ලෙසට පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

මේ වනවිට නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සිරගත කර සිටින තත්ත්වයක් තුළ මෙලෙස ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවදුරටත් ඡන්ද ගණන් කරමින් පවතින අතර, එහි වැඩි වාසි ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන්ට හිමිව ඇති බවයි.

අද (10) උදෑසන වන විට එරට පාර්ලිමේන්තුවේ ආසන 266න් 99ක් ඉම්රාන් ඛාන්ගේ පි.ටී. අයි පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වන නවාස් ෂරිෆ්ගේ පී. එම්. එල්. එන් පක්ෂය ආසන 71ක් දිනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරය පිහිටුවීමට නම් එහි ආසන 133ක් දිනා ගත යුතු වේ සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. හෙවත් පාකිස්ථාන ටෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කර තිබීම හේතුවෙන් පාක්ෂිකයින් ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වී තිබෙන තත්ත්වයක් තුළයි මෙම ප්‍රතිඵලය හිමිව ඇත්තේ.

පිරිසක් විසින් එලවා දැමූ පාකිස්ථාන අගමැතිට ජනතාවගේ ප්‍රසාදය හිමවෙයි..සිරමැදිරියේ සිට විශේෂ ප්‍රකාශයක්.. | Imran Khan Spacial Announcement

කෙසේ වෙතත් සිරගතව සිටින ඉම්රාන් ඛාන් තම 'x' ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබේ.

''මගේ සහෝදර පාකිස්ථානුවනි දැන් අපිව නවත්වන්න කාටවත්ම බෑ. 2024 මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මම ඔබ සැමට සුබ පතනවා.

ඔබ සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙනු ඇති බවට මට පූර්ණ විශ්වාසයක් තිබුණා...

ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සියලු දෙනා මවිතයට පත් කර තිබෙනවා..

මම ඔබ ගැන ආඩම්බර වෙනවා'' ලෙස ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.