බදු මදි වෙලා අලුතින්ම ගහන්න හදන බද්ද - පනවන්න.. IMF ප්‍රධානී කියයි..
Sri Lanka Economic Crisis
IMF Sri Lanka
Ministry of Finance Sri Lanka
Financial crisis
Value Added Tax (VAT)
By Sewvandhi
IMF අරමුදල සඳහන් කරන්නේ, දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බවයි.
මෙරට ආර්ථිකය ස්ථාවර වෙමින් පැවතියත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය ප්‍රාථමික මට්ටමේ තවමත් පවතින බවයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් මහතා කොළඹදී කියා සිටියේ.
එමෙන්ම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය විශාල ජනතාවක් වෙත තවමත් ලගා වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම පසුගිය සතිය පුරා මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔහු මෙම අදහස් පල කලේය.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් පළමු සමාලෝචනයට අනුමැතිය දීමෙන් පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එම නිලධාරීහු මෙසේ අධ්‍යනය කරන ලදී.
Sponsored By Sarrita Jewellery