ගෙවතු වගාවට වැදගත් Tips.
මෙරට උද්ධමනකාරී වාතාවරණයත් සමඟ අධික වියදම අඩු කරලා, කන්න බොන්න ටික හරි අපිටම හොයාගන්න වෙනවා. හැමදේම හැමදේටම පොළට, එහෙමත් නැත්නම් සුපර් මාර්කට් එකට දුවන්න තියාගන්න එපා. මේ දවස්වල ගෙදර ඉන්න ටික වෙලාවේ හරි පුංචි හෝ ඉඩක එළවළුවක්, පළතුරක්, පළා වර්ගයක් වවන්න උත්සහ කරන්න. ඒ සඳහා ඔබට මේ උපදෙස් ටික ගොඩක් වැදගත් වෙයි.
- දිය සීරාව රැදෙන ස්ථාන වල කොහිල, කන්කුන් ආදී බෝග වර්ග සඳහා පුංචි පාත්ති ලෙස සකස් කරගන්න (සෘජු කෝණාස්‍රාකාර විය යුතුම නැහැ.)
- කුස්සියේ සින්ක් එකෙන් ඉවත් වන ජලය ප්‍රයෝජනයට ගෙන රම්පෙ, කරපිංචා සේර මිරිස් ආදිය සඳහා පාත්ති සකස් කළ හැකියි.
- පාත්ති වෙන් කරන විට පාංශු සංරක්ෂණය සඳහා පස් වැටි නියර, කාණු ආදිය යොදන්න.
- පාංශු සංරක්ෂණ ක්‍රම වේද හා ජල වහන ක්‍රමවේද මනාව ගලපා ගන්න.
- මිරිස්, බටු, තක්කාලි, වැනි ශාක හා බඩ ඉරිඟු ආදී ශාක සඳහා ජලය හොඳින් බැස යන ස්ථාන හා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථාන තෝරා ගන්න (උස් පාත්ති, භූමියේ උස් ස්ථාන)
- කිරි අල, ගහල, කහ, ඉඟුරු, ආදී බෝග සඳහා කාබනික ද්‍රව්‍ය සහිත ලෝම පසක් හා සෙවන සහිත ස්ථාන යෝග්‍යයි.
- දඹල, වැල් දොඩම්, වැල් අල වර්ග, අවර ආදී බෝග සඳහා ඉඩමේ වැට භාවිතා කළ හැකියි.
- බෝංචි, මෑ, ආදිය හිරු එළිය සහිත ජලය බැස යන මැටි අධික නොවන පසක් ඇති ස්ථානයක සිටුවිය හැකියි.
- වැටකොළු, පතෝල, කරවිල ආදිය නිවසට ඇතුලුවන ගේට්ටුවේ සිට මාර්ගය දෙපස සිටුවා ආරුක්කු නැමීමෙන් අලංකාර වියනක් ලෙස වගා කළ හැකියි.
- බුලත්, ගම්මිරිස් ආදිය වත්තේ තිබෙන විශාල ශාක වලට හුරු කළ හැකියි.
- ඖෂධ පැළෑටි් වර්ග ගෙවත්තේ වැවීම වැදගත්(කෝමාරිකා, ඉඟුරු, කහ, දෙහි, කොත්තමල්ලි, මිංචි, අසමෝදගම්, ඉරවේරිය, නික, පාවට්ටා ආදිය)
- පාත්ති වටා පොල්ලෙලි, කැඩුණු රට උළු ආදිය තබා පාංශු සංරක්ෂණය හා ජල සංරක්ෂණය සිදු කළ හැකියි.
- පාත්ති මායිම් වල මාර්ග දෙපස, වැටි මත, ඉඩමේ මායිම් වටා පළිබෝධ විකර්ශක ශාක වවා ගත යුතුය. (කපුරු, දාස් පෙතියා, මදුරුතලා කොහොඹ)
- වැටහිරියා, ග්ලිරිසීඩියා(නංචි) ජීවී වැටක් මගින් පාත්ති වලට අවශ්‍ය කොළ පොහොර ලබා ගත හැකියි.
- සත්ත්ව පාලනය සිදු කරන නිවෙස් වලට පහසුවෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොමු විය හැකියි. (සත්ත්ව පාලනය නොවෙතත් මෙය සිදු කළ හැකිය)
- ගෙවත්තක පලතුරු වැවීම ඉතා වැදගත්(කෙසෙල්, පැපොල්, පේර, ලෙමන් වර්ග කාමරංගා පහසුවෙන් වගා කළ හැකිය)
- සෑම ශාකයක්ම හිරු එළිය, වාතය හා ජලය සඳහාත් පසේ පෝෂක සඳහාත් තරඟ කරයි. එම නිසා ගෙවත්තේ බෝග විවිධත්වය රැක ගනිමින් බෝග අතර තරගය අවම කිරීමට, පරතර තැබීම හා නිසි ස්ථාන වල බෝග ස්ථාපනය වැදගත්.