භාණ්ඩ වර්ග 843 ආනයන සීමා ලිහිල් කරයි..මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Politician Sri Lanka
By Aruna May 29, 2023 08:07 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කරමින් භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව හෙවත් ‘මුල් ආන්තික අවශ්‍යතාව’ (කෑෂ් මාර්ජින්) සීමාව ඉවත්කර තිබෙනවා.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.  

මේ සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද අදහස් පලකළා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ලබන ජුනි මාසයේදී ආනයන සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවයි.

සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වන අවස්ථාවේදී සේමසිංහ මහතා මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now