ආනයනය තහනම් කළ භාණ්ඩ ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්...

Ranjith Siyambalapitiya Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Dec 24, 2022 12:08 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ තවදුරටත් ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි. එනම් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට භාණ්ඩ 795 ක ආනයන සීමා ඉවත් කර ඇති බවයි.

මේ වනවිටත් තහනම් කර තිබෙන භාණ්ඩ සඳහා ද මෙරට තුළ ආදේශක භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

 වැඩිදුරටත් අදහස් දැක්වු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

"දැනටත් තහනම් කර තිබෙන 670 තුළ තියෙන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් අපේ රටේ ආදේශනයන්. අපිට හදාගන්න පුළුවන් දේ ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා. කටුව රහිත පොල් මද අපි තවදුරටත් ගෙන්න අවශ්‍ය ද ?

වෙසක් කූඩු.. අපි එවත් ගෙනාවා. සරුංගලේ, උණ බටවලින් කරන නිෂ්පාදන, යෝගට් අරගෙන ආවා. යෝජනා කරන්නේ මේ වගේ දෙවල් අසීමාන්තිකව ලංකාවට ගෙනවාද ? අපිට පුලුවන් දේ කරගෙන කවදාකහරි නැඟිටිනවා ද ? කියන දේ කල්පනා කරමු කියන දේත් මම යෝජනා කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now