කජු ලෙල්ලට රජයෙන් දුන් වටිනාකම.

Cashew Fruit Sri Lanka Cabinet Import
By Wayomi Feb 06, 2024 11:31 AM GMT
Report

ලෙලි කජු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් පමණයි.

එමෙන්ම පසුගිය කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් ඇති වී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීමටත් ඉන් අනතුරුව අදාල අමාත්‍යංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණයක් ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ආනයනය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා යෝජනා කර තිබුණා.

ඒ, අනුව අද ඊට අනුමැතිය හිමිවුණා.