ආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලීමක්

Sri Lanka Economic Crisis Sri Lanka
By Sewvandhi Aug 13, 2022 08:33 AM GMT
Report

 විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙසට මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම්දී තිබෙනවා.

මෙරට විදේශ සංචිත ඉදිරි කාලයේදී තවදුරටත් සීමා විය හැකි බැවින් ඉන්ධන, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වීම සඳහා විදේශ විනිමය අවශ්‍ය නිසා එම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පනවන ලෙසයි මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත්තේ.

විදේශ විනිමය සංචිතය අඩුවීම හේතුවෙන් පසුගියදා මහ බැංකුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 2,500 කට වැඩි ප්‍රමාණයක් සඳහා ආනයන සීමා පැනවනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW