ආනයන වියදම අඩුවෙයි

Ranjith Siyambalapitiya Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Sithumi Oct 04, 2022 01:07 PM GMT
Report

පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූලි මාසයේදී ආනයන වියදම සියයට විසිපහකින් අඩු කරගැනීමට හැකියාව ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වනවිට ආනයන වියදම අඩුවීම, ප්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව ද රාජ්‍ය අමාතවරයා සඳහන් කළා.

අපනයන ආදායම ද සැළකිය යුතු ලෙස ඉහළ යමින් පවතින අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අපනයන ආදායමේ සියයට 90 ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම 2022 අගෝස්තු 31 වනවිට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1232.4ක් වන අතර වියදම රුපියල් බිලියන 3539ක් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now