තවත් ඖෂධ කාණ්ඩ 04 ක් ගැන භයානක අනාවරණයක්..!

World Health Organization Dr Ramesh Pathirana Ministry of Health Sri Lanka
By Sewvandhi Dec 14, 2023 03:40 PM GMT
Sewvandhi

Sewvandhi

in ඖෂධ
Report

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරන්නේ, ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරම සිදුව ඇති බවට තහවුරු වී දින 75 කට ආසන්න කාලයක් ගත වුවද ඊට වගකිව යුතු දේශපාලකයින් හා නිලධාරින් මේ දක්වා නීතිය හමුවට ගෙන ඒමට අපොහොසත් වී ඇති බවයි.

කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ බව කියා සිටියා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය වෙත පැමිණියා.

තවත් ඖෂධ කාණ්ඩ 04 ක් ගැන භයානක අනාවරණයක්..! | Immunoglobulin Incident

ඒ එහි රාජකාරි ක්‍රමවේදය, ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයේ යටිතල පහසුකම් හා අලු‍ත්වැඩියා කටයුතු මෙන්ම පවතින භෞතික සහ මානව සම්පත් ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහායි.

අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට,  අවශ්‍යතාවය පරිදි කාර්ය මණ්ඩල සංශෝධනය කර එහි මානව සම්පත් සංවර්ධන කෙරෙහි නිසි අවධානයක් යොමු කරන ලෙසත්, කාර්යභාරයට ගැලපෙන ලෙස තනතුරු අනුමත කර ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම රසායනාගාර උපකරණ ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය, සැලැස්ම කඩිනමින් සකස් කර අමාත්‍යංශයට ලබාදීමට කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දුන්නේ.