සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන ඔබ දැනුවත්ද?
සමස්ත සංක්‍රමණික ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගේ මනා සෞඛ්‍යය තහවුරු කිරීමේ වගකීම දරන අදාළ සියලු අංශ සහ ආයතන ඒ සඳහා යොමු කරවීම ශ්‍රී ලංකා ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්රතිපත්තියෙහි අරමුණ වෙනවා .
මෙහිදී රටින් බැහැරවන, සංක්‍රමණිකයන්ද, එලෙස බැහැර වන සංක්‍රමණිකයන්ගේ පවුල්වල මෙරට සිටින සාමාජිකයන්ද හා රට තුළට පැමිණෙන සංක්‍රමණිකයන් හා රටතුළ අභ්‍යන්තර වශයෙන් සංක්‍රමණය වන පුද්ගලයන්ද මෙම ප්‍රතිපත්තිය මඟින් සලකා බැලෙන ප්රමුඛ කණ්ඩායම්.
ඒ අනුව අපි බලමු සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මඟින් ඔබට අයිති විය යුතු දේවල්
🔷 ස්ත්‍රී පුරුෂ සියලුම සංක්‍රමණිකයන්ට සාධාරණ සෞඛ්‍ය සේවාවක් ලබා ලබාගැනීමට අයිතියක් තිබීම.
🔷 රැකියාවට පිටත්වීම ,රැකියාවේ නිරත වීම,නැවත පැමිණීම හා සමාජ සමාජගත වීම යන සියලුම අදියරයන් හිදී සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීමට රජය කැපවී සිටීම .
🔷 මෙය තහවුරු කිරීමට රජය විසින් විදේශ ශ්‍රමය යොදවා ගන්නා රටවල් සමඟ එකඟතා ගිවිසුම් වලට එළැඹි සිටිනවා.
🔷 රැකියාවක් සඳහා රටින් බැහැර වන විට ප්‍රමිතියට අනුකූලව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට ක්‍රමවේදයක් තිබීම .
🔷 ඒ සඳහා බඳවා ගන්නා නියෝජිත ආයතන (agency) සඳහා නියාමන පද්ධතිය සකස් කර තිබීම.
🔷 විදේශ රැකියාවක සිට ආපසු පැමිණි අයෙකුට නොමිලේ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවස්ථාව ලබාදී තිබීම.
🔷 රැකියා සඳහා විදේශගත වෙන අයගේ පවුල්වල සාමාජිකයන්ගේ ශාරීරික මානසික හා සමාජ සුබසාධන එය සුරක්ෂිත කිරීමට රජය කැපවී සිටීම.
🔷 දෙමව්පියන්ගෙන් එක් අයෙක් පමණක් සිටින පවුල්වල ඔහු හෝ ඇය විදෙස් ගතවන විට එම පවුලේ සුභසාධනය පිළිබඳ රජයේ නිලධාරීන් හරහා සොයා බැලීම .
🔷 අදාල රාජ්‍ය ආයතන විසින් අවදානම් සහිත දරුවන් සඳහා සෞඛ්‍ය හා පෝෂණය සලසන ළමා වැඩසටහන වලට විදේශ රැකියාවල නිරත ගේ දරුවන් ද අවධානයට ලක් කර ඇත .
🔷 විදේශගත වන අයගේ හෝ මෙරට රැඳෙන පවුලේ සාමාජිකයන්ගේ හදිසි සෞඛ්‍යය ගැටළු දැනුවත් කළ හැකි හදිසි තොරතුරු අංක කොන්ත්‍රාත්තුවට ඇතුලත් කිරීමට කටයුතු කිරීම .
ඇත්තටම මේ දේවල් සිදු වෙනවද නැද්ද කියන දේ සොයා බැලිය යුතුමයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |