IMF ගැන ශ්‍රී ලංකාවෙන් සතුටුදායක පුවතක්..

Sri Lanka Politician Sri Lanka IMF Sri Lanka
By Aruna Sep 27, 2023 12:16 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළ පිළිබඳ පළමු සමාලෝචනයට පෙර ශ්‍රී ලංකාව අවශ්‍යතා බොහොමයක් සපුරා ඇති බව වාර්තා වනවා.

මේ අතර, දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාව ඊයේ(26) පෙරවරුවේ පවත්වා තිබේ.

එය මෙම නියෝජිත කණ්ඩායම පැවැත්වූ අවසන් සාකච්ඡාව බවයි පැවසෙන්නේ.

මෙම නියෝජිත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා සිදු කළ සමාලෝචනයේ නිගමනයන් අද(27) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්වෙන එම මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් එක්වීමට නියමිතව ඇත.

ප්‍රධානතම බැංකුවකින් 02% ක පොලිය යටතේ ණය ගන්න අනුමැතිය ලැබෙයි..

ප්‍රධානතම බැංකුවකින් 02% ක පොලිය යටතේ ණය ගන්න අනුමැතිය ලැබෙයි..