IMF සමඟ නව එකඟතා කිසිවක් නැහැ..විදේශ ණය ප්‍රශස්තකරණයත් නුදුරේදීම අවසන් කරනවා... වැ.බ.මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි(VIDEO).
Ranil Wickremesinghe
Ranjith Siyambalapitiya
Sri Lanka Politician
IMF Sri Lanka
By Aruna
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් ඇති කර නොගන්නා බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊයේ සවස රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදේශ ණය ප්‍රශස්තකරණය සඳහා මූලික අවශ්‍යතාවයක් වූ දේශීය ණය ප්‍රශස්තකරණය මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති නිසා විදේශ ණය ප්‍රශස්තකරණයද නුදුරේදීම අවසන් කළ හැකිවනු ඇති බවයි.
ජනාධිපතිවරයාගේ විදේශ සංචාරය පිලිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එය මෙරටට දේශපාලනික සහ ආර්ථික වශයෙන් ඉතාම වැදගත් අවස්ථාවක් බවයි.