IMF ලංකාවට රතු එළි පෙන්වයි..!

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Sep 29, 2022 08:48 AM GMT
Report

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය.

නමුත් කාර්ය මණ්ඩල මට්ටමින් අනුමැතිය ලැබී ඇති ඩොලර් බිලියන 2.9 සඳහා මේ වසරේ දෙසැම්බර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි ශ්‍රී ලංකා රජය අනුමාන කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ධුත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් සහ ශ්‍රී ලංකා ධූත ප්‍රධානි මසහීරෝ නොසාකි, 'නික්කෙයි ඒෂියා' වෙබ් අඩවියට ලිඛිතව දන්වා ඇත්තේ, "ණය සහන සාකච්ඡා සඳහා කාලය ගතවන නිසා, කාලරාමුවක් ගැන පැවසීම ඉතා අපහසුයි.

ඒ ගැන සම්බන්ධ පාර්ශ්ව එම සාකච්ඡා කඩිනම් කළ යුතුයි. එවිට ශ්‍රී ලංකාවට ඔවුන් මුහුණදී තිබෙන අර්බුදයෙන් කඩිනමින් මිදිය හැකියි."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now