IMF වෙතින් ශ්‍රී ලංකාව ලබා ගැනීමට නියමිත ණය මුදල ගැන අනාවරණයක්

Sri Lanka Economic Crisis Sri Lankan political crisis IMF Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jun 02, 2022 02:48 AM GMT
Report

අවම වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් කඩිනමින් ලබාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. රොයිටර්ස් පුවත් සේවය පෙන්වාදෙන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ අදාළ ණය මුදල ලබාගැනීමට සැලසුම් කරමින් සිටින බවය.

ඒ සම්බන්ධයෙන් තවත් තාක්ෂණික සාකච්ඡා වටයක් මෙම මස මුල් සතියේ පැවැත්වීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව ජුනි මස අවසන් වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළඹීමට බලාපොරොත්තු වන බව ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගියදා සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම සඳහා ව්‍යහුත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍ය බවය.

ඒ අනුව පුළුල් ප්‍රතිසංස්කරණ පැකේජයක් සඳහා ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබුණි.

ආදායම් ඉහළ නැංවීම සඳහා බදු සංශෝධනයන් ඉදිරිපත් කිරීම, වැට් බද්ධ ඉහළ නැංවීම වැනි යෝජනා ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගියදා ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා මත මෙතෙක් සියයට අටක්ව පැවති වැට් බදු අනුපාතය සියයට 12 දක්වා ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now