IMF නියෝජිතයින් මෙරට විශේෂ පුද්ගලයෙකු හමුවෙයි..
අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
එහිදී දෙපාර්ශ්වය අතර මෙරට ආර්ථික, සමාජීය, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම විපක්ෂ නායකයා විසින්, වත්මන් රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එළැඹ ඇති ගිවිසුම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති අතර විශේෂයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා මෙරට වැඩ කරන ජනතාවගේ සේවක අර්ථ සාධක අරමුදලට සිදු කර ඇති බලපෑම සම්බන්ධයෙන් IMF නියෝජිතයන් දැනුවත් කර ඇති බව සඳහන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත්තේ, සමගි ජන බලවේගය බලයට පත් වූ විගස මෙම ගිවිසුම සම්බන්ධයෙන් නැවත සලකා බලා ජනතාවට හිතැති ගිවිසුමකට එළැඹ ඒ තුළින් රට ගොඩගැනීමේ ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමු කරන බවයි.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් Mr. Peter Breuer (Senior. Mission Chief), Ms. Katya Svirydzenka (Dep. Mission Chief), Dr. Sarwat Jahan (IMF Resident Representative), Ms. Manavee Abeyawickrama – (Local Economist), Lan Huong Vu (Communications Dept.) පිරිසක් එක්ව තිබුණා.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, මහාචාර්ය ජී.එල්. පීරිස්, වේලුකුමාර සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.