ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන විශේෂ හෙළිදරව්වක්. !

Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi May 23, 2023 09:33 AM GMT
Report

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බවය.

පීටර් බෘෘවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්‍රධානත්වයෙන් මැයි 11 වනදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (මැයි 23) සිය සංචාරය නිම කළ්ා. 

 මෙරටේ ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් මෙරටදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැවසීය.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now